සුදු බිත්ති හැඩ කෙරූ
Sudu Biththi Hada Keru
සුදු බිත්ති හැඩකෙරූ කුරුටු ගී සිනාසී
තව කලක් රැදෙනු ඇත ඔබ ද මට වද දිදී
පාසලේ ප්‍රේමයට නැවතීමේ ලකුණ විත්
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී
එකට වන පොත් කෙරූ එකම තක්සලාවේ
අප කවුද සිප්හලේ ඉතිහාස කතාවේ
අපට යලි හිමි නොවන සෙනෙහසේ නිවහනෙන්
තණ පළස අරලියා සෙවන තනි උනාවේ
නිමාවක් නැති බැඳුම් දෙසිතේම සඟවලා
වේලාව නොමගෙවා ගුරු සිත ද නොරිදවා
පන්හිදට පොත්වලට ජීවිතෙන් පිදුම් දී
කඳුලකින් සමුගනිමු අපට අප හිමි නොවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි