මහද පෙම් විලේ
Mahada Pem Vile
මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි පිය ළඳේ
මහද පෙම් විලේ
නයන යුග ඔබේ
දිලෙන මැණික් විලස දිසේ
නළල් සඳ නවාලා
දෙව්දුනු දෙබැම ඔප නැගේ
සසර සැරිසරා
යුගෙන් යුගේ උපත් ලබා
නිතොර ඔබ පතාලා
එන්නෙමි සිහින ගඟ වගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි