කාත් කවුරුවත්

Kaath Kawuruwath
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා
සාංකා ඇහැරෙන ඝණ අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත්වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් දිව - තවත් ඵලක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්