ඉරි තැලුණු වලා

Iri Thalunu Wala
ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මෘදු තාර ඇතිරිල්ලේ
‍යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝරථ රඟ සෙනඟ රවටමින්
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා
කහ ඉරෙන් එතෙර වීලා
රිය පෙළේ කිරුළු හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටිලා
කහ ඉරත් රැලි වැටිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්