ඉකිගසා හඬන
Ikigasa Handana
ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් දුක ඉඟිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්