හෙට අළුත් අළුයමක්

Heta Aluth Aluyamak
හෙට අළුත් අළුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්
පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බල‍න් ඉන්න බවට
දුන් නිසා
පොරොන්දුවක්
ඉරත් හැංගිලා
බලා හිඳී වලාකඳු යටින්
ලා හිරු කදම්බයක් හෙලා
අප හමුවීම කරන්න ආලෝකමත්
සුළඟ ගල් ගැහී
හමා නො ඒ
ඈත කඳු වෙතින්
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න අසිරිමත්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර
All songs by කසුන් කල්හාර