හතර වටින් කළු කරගෙන

Hathara Watin Kalu Karagena
හතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ
එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ
දෙතොල නැගේ සිනහා නැවුම් පැතුම් සනහා
හදේ නැගේ සුපෙම් කල්පනා
එදා මෙදා සිත සපුරා විඳ අනන්ත සුවේ
දෑත දෑත එකතු උනා ප්‍රාර්ථනා ලොවේ
නැවුම් පැතුම් සරසා හිසේ කුසුම් වරුසා
ඔබේ සෙවන සදා වසනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුජාතා අත්තනායක
All songs by සුජාතා අත්තනායක