හතර වටින්

Hathara Watin
හතර වටින් කළුකෙරුවත්
වැහි වැටුනේ නෑ යාළු
පඳුරු ලලා ගස වැඩුනත්
මල් පිපුනේ නෑ යාළු
පිරිමදිමින් සුකොමළ අත්
දෙඩූ කතා කවි සිරිමත්
ගම් දොර ගිං ගංතෙර
කිරළ කැලේ තව රැඳුනත්
මිහිරි හීන ගඟේ ගිහින්
කොක්කුත් නෑ ගඟට උඩින්
ඉරත් හඳත් වළාකුළුත්
ඇළත් දොළත් ගසුත් වැලුත්
හොරැහින් හරි තරහින්
ඔබට රවනවා තවමත්
ඔබ ඉඳිතොත් අද යහතින්
තරහක් නෑ තුන් හිතකින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි