ගතින් දෙතැනක සිටින මුදු අප

Gathin Dethanaka Sitina Mudu Apa
ගතින් දෙතැනක සිටින මුදු අප
හදින් එක ලොවකයි
සුළං රැල්ලක මුසුව එන්නේ
ඇහේ මුදු සුවදයි
දෙනෙත පියවෙනවා
රුවක් හමුවෙනවා
හදේ සිතිවිළි මට හොරා ඈ
සොයා පියබනවා
වතක් හිනැහෙනවා
හදක් සැනසෙනවා
මගේ තනියට නොතනියට ඈ
හදට ලං වෙනවා
හඩක් මුමුණනවා
හදක් ගොළු වෙනවා
ඇහේ ගීතය නොමියනා ලෙස
හදට කොදුරනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය