ගඟ ගලා යාදෙන්
Ganga Galaa Yaaden
ගඟ ගලා යාදෙන් අතීතේ
අතීතේ උල්පතින් පැන නැග
කිම නොදන්නා අනාගතයට
ගඟ ගලා යා දෙන්
නවතින්න ඔබ මේ තොටමුනේ
සරැලි හසරැලි මුවග නංවා
වියරු බියකරු ගැඹුර හංගා
අයාලේ යන ගග ගලා යා දෙන්
නවතින්න ඔබ මේ තොටමුනේ
අයාලේ යන ගඟ ගලා යා දෙන්
නිලන කදුවැටි නිල්ල හැරදා
නිසරු නීරස සයුර සොයලා
මුළා වී යන ගග ගලා යා දෙන්
නවතින්න ඔබ මේ තොටමුනේ
අයාලේ යන ගඟ ගලා යා දෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්