ගංගා එන්නකෝ ගංගා

Ganga Ennako Ganga
ගංඟා එන්නකෝ ගංඟා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංඟා
දිරු ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර
බලා සිටිද්දී මා අහක බලාගෙන
ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යලි
අහක බලන් යන්නේ
පිපුරුණු දෙතොලින්
අහස බලාගෙන
දිය පොද රහිතව
අකාලට මහළුව
හඬා වැටෙද්දී මා පෙනෙන ඉසව්වෙන්
මූදු ගියා ඔබ
නෑ නේද ඉතින් යලි
අහක බලන් යන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය