ගලින් කල හදවත

Galin Kala Hadawatha
ගලින් කල හදවත
මලින් සරසා ඇත
දනිමි මම සිරිකත
කිමැයි ඔබේ මුණිවත
පලා දුවන්නට නම් නොසොයා විසඳුම්
මුණිවත මේ යැයි මේ ලෝ පිළිගත් පිළියම්
නැඟුනත් මහමෙර වන් පැනයක් මොනයම්
සිටින්න නිහඬව ඔබහට යහපත් නම්
ඇසට ඇසක් යම් දිනයක හමුවුණි නම්
මුවට වදන් වැල් නොනැඟේ යැයි නොසිතමි
එනමුද් හදවත ගල් පර්වතයක් නම්
ගොළිවී කල හැක පෙම් ලොව මහ විස්කම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා
All songs by අමල් පෙරේරා