එක වසන්තයක
Eka Wasanthayaka
එක වසන්තයක එක රාත්‍රියක දැනුණා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුණා විතරක් මතකයි
හද ලුහුබැඳ ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර
ඒ වසන්තයෙදි හමුවන සුළඟ සමග
සසැලී පෑහෙන්නට හිතයි මට
ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද
සිහිවනු පිණිස සොඳුර
මේ වසන්තයම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණිස
මගෙ හැඟුමක් තියන්නද
ගිවිසනු පිණිස සොඳුර
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර