දෙළුම් වීර

Delum Weera
දෙලුම් වීර අඹ කෝන් හිඹුටු පලු එරඹ කැන්
අතු අගින් බරව ගොස් ඉදී තිබෙන හැටි බල නෙතින්
මෙවන් පලවැලෙන් බුදිනට රිසිවූ දේ කියන්
කඩිනමින් නෙලා දෙමි සෙනෙහේ අධික පියදරිනි දැන්
දෙලුම් වීර පලු කෑම ගතට සැප එලවනා
මට ගොසින් කඩා දෙනු මා පණ වැනි හිමි සසොබනා
අතින් කඩනු මිස ගහකට ගොඩ නොනගිනු මැනා
වන මරුන් එන්න පළමුව යමු සඳ පව්වට මනා
සමන් කලොල් හා සපුමල් අතු අග බර වෙමින්
හැර නුවන් යුගින් බල වන තුල සැම තැන පිපි කුසුම්
බැඳන් පැටවු බඩතුර පැන යන සැටි එ වඳුරන්
අර බලන් නටන සැටි රණ මොණරුන් රැල පිල් විදන්
සවන් යොමා අසනුය පිය හිමියෙනි සසොබනා
මගෙ මෙවන් වදන් සිහිගත මැනවිය සිතු පිරියෙනා
මෙවන් මෙරුක සෙවනැල්ලෙහි හිඳ මඳ කලකිනා
අපි ගිමන් හැරලා යමු සඳ ගිරි පව්වට සතොසිනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි