දේදුනු රන් පැහැය ඉරා

Dedunu Ran Pahaya Iraa
දේදුනු රන් පැහැය ඉරා
මෝහන තොල් යහන සලා
හද සිඳ බිඳ ඉවත නොයන්
රුවන් නෙලුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමාරියේ
සීත හිමේ හිම සිහිලෙන්
ආල හැඟුම් මවා
පාන නුරා නෙතු ඉඟියෙන්
කෝල පැතුම් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමාරියේ
පෙමට පිදෙන හිතැඟි කළඹ
මොනර ගමන් ලතා
පවනෙ ලෙලෙන ලපලු විලස
සිතක ගිමන් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමාරියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය