දන්සැල් දොරෙහි
Dansal Dorehi
දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්
මල බැඳුනු ගිනිදණ්ඩේ
දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඩ අසනු රිසි දනෝ
පුපුරුවති අහෝ රතිඤ්ඤා
මැරුනත් මේ පුරේ මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
දස රද දම් නිමිති පැවති
නර පති ඇමති වඩන රුති
සත වෙත පතන මෙත සදති
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
රැකෙයි අකුරට නීතිය
දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති වී ඇත
නැත අක්රමිකතා
වැඩෙයි සුහදතා
සුන්දරතා
සුවතා
අහෝ සැපයි සැපයි මෙපුර විසුමනම්
මැරුනත් මේ පුරේ මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරු
සතුටින් රඟති මේ නුවරු
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
නැත බදු බර, පවුල් බර, ජීවන බර
මැරුනත් මේ පුරේ මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
මේ කේතුමතී නුවරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි