චන්ද්‍රමඩුළු යට
Chandramadulu Yata
චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ
රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමී දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ
කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරිකර දෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි