බුදු කරුණා දෑස තෙමි
Budu Karuna Daasa Themi
බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී
කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි
නැවුම් පොළොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි
කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි