බෝ මළුවේ මල්
Bo Maluwe Mal
බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්
එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි