බට්ටිච්චෝ ඔයත් එක්ක

Battichcho Oyath Ekka
බට්ටිච්චෝ ඔයත් එක්ක
ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං
නාමල් පෙත්තක නැගිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
අහස් ගඟේ ඉවුර දිගේ
පලිඟු රිදී තරු මල් පිපිලා
නෙලන්න මා ලංවෙන විට
හැංගෙනවා ඈතට දුවලා
පාට පාට දේදුන්නේ
සුරංගනා ඔංචිල්ලාවේ
වලාකුලේ ගෑවි ගෑවි
සිංදු කියමු සිංදු විමානේ
කෑම සොයාගෙන ඇවිදින්
අපෙ අම්මා මාව සොයාවී
මට අනතුරු වෙයි කියලා
ගොඩාරියක් එයා අඬාවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මාලිනි බුලත්සිංහල
All songs by මාලිනි බුලත්සිංහල