අත්වැල ගිලිහී ලොව

Athwala Gilihi Lowa
අත්වැල ගිලිහී ලොව තනිවූ දා
දකිනා පෙර මග ලකුණු නැති
ආශා දැහැනේ වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති
උසුලනු හැකිවෙද තණ්හා ආශා
සඟවනු හැකිවෙද සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද සෝ දුක් සංකා
ආශා දැහැනේ වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති
දෑඟිලි එක්කල වරපට දෙදරා
සෙනෙහස වැපුරූ සරු කෙත වනසා
පුහුදුන් හදවත සෝගිනි දල්වා
ආශා දැහැනේ වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්