ඇසිපිය සලන නිසා

Asipiya Salana Nisa
ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණ මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි
පොළොවේ සිටි මා ඔබ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුණා දුන්නා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් බණ්ඩාර
All songs by අජිත් බණ්ඩාර