ආදරයෙන් මා හද වට
Adarayen Maa Hada Wata
ආදරයෙන් මා හද වට එතෙන ලතා
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා
දිගින් දිගට නිල් වරළස මුදන්නියා
නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා
රුවින් රුවට දිලි නෙත් සිත් බඳින්නියා
දුරින් දුරට මා සිත ගෙන
මටත් හොරා ඇදෙන්නියා
පාන්දරින් මල් පිපුනා බඹරු දනී
හීන් තුෂර පිණි වැටුණා අහස දනී
සෙමින් විහඟ ගී නැගුනා පවන දනී
නුඹට බැඳුනු සිත හන්ඳා
මා විඳි දුක කවුරු දනී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය