ආදර සැමරුම්

Adara Samarum
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්
යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා
සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි
All songs by සනත් නන්දසිරි