අදහන්නත් බෑ ඔබමද මේ
Adahannath Baa Obamada Me
අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු එයා
හිමිවෙන්නේ නෑ කවදාවත් මා පතපු කෙනා ඔයා
රැවටුනා නොවෙයිනේ මා විශ්වාස කළා
විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා
දෙනෝදාහක් වනත්දී අත් ඔබට විතරක් ලං වෙලා
පිදූ සෙනෙහස මදි වුනාදෝ වෙන හිතක ගියේ එල්ලිලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කළා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්
කඳුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා
ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුවත් නැති වෙලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කළා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා