විකසිත පැතුමන්

Wikasitha Pathuman
විකසිත පැතුමන් ඔබෙ ලයේ
සෙනෙහස මීවිත පිරී
එනමුදු අදරින් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී
ම් හා හා හා
මා මත් වීලා
නීල නෙතු ඇ‍ගෙ පෙර මගේ
ඒ දෙනෙත් අද ‍අනෙකුගේ
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල්දම්
මිලින වී වියෝගේ ලං වීලා
ම් හා හා හා
මා මත් වීලා
මා නොලද ඒ ආදරේ
ඔබේ හද තුල මෝදුවේ
එක්කල දසැඟිලි යළි වෙන් නොවෙනට වසඟ වී
පෙම් සිනා නැන්වේවා
ම් හා හා හා
මා මත් වීලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි