වසත් කාලය මනරම්
Wasath Kaalaya Manaram
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල්
ඇයි මට නුදුරු
පැතූ මලේ රූසිරු
මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරු
මට නොවෙද පසමිතුරු
නෙළු මලක් වුව මල් ලොව කවුරු
දුරින් ඉඳ මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුළ මගෙ ළඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
අහිමි දුක වළකම් කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ