ජීවිතය ඔබෙන් දැන
Jeewithaya Oben Dana
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප
ලඟම තබාගෙන මුතු කැටය ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි සදාදර
කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මට මෙහි නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක
සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයට උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ