මහද දෝතින්
Mahada Dothin
මහද දෝතින් ගෙන පැතු
පැතුම් කුසුමේ පෙති කඩා හැර
නුවන් යුග කඳුළින් තෙමා හැර
නිමල පෙමකට නිඟා කළ මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ
කටුක දුක් හදවත දවද්දී
නිවා ලන්නේ කෙලෙස ඔබ හද
බිඳුණු පෙම ඉකිබිඳ හඬද්දී
සිනා රැල්ලක වේද සොම්නස
සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අබිසෙස් ලබන්නට
නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අබියස රඟන්නට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ