වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ

Wali Kukullu Awidin
වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං
වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම්
කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම්
වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ