අරුණ උදාවේදෝ
Aruna Udawedo
අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඞල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ
මනුසත් උයනේ මුදු සිත් පරවී
හසරැල් ගිලිහී යයි
මිහිමව් තුරුලේ නොමිනිස් කතරේ
ගිනිදැල් මතුවී එයි
එද ගිනි නිවනා දිය දහරා
කවදාදෝ හමුවන්නේ
දයා මහිමේ
කඳුලින් තැවෙනා දෙනුවන් හමුවේ
ලොව නෙත් අඳවේ නම්
ලසොවින් දැවෙනා සුදනන් හමුවේ
දුදනන් සැනහේ නම්
මිනිසුන් නොවෙනා දෙරණකදෝ
අවසානය එළඹෙන්නේ
නිරා ගමනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ