සුවදෙන නැලැවිලි ගී රස

Suwa Dena Nalawili
සුවදෙන නැලැවිලි ගී රස පිරි අමයුරු වී
අසා හිඳී නිසොල්මනේ මව් කුසයේ බිලිඳා
මුනිඳු දෙවිඳු පිලිරූ ඇස රසඳුන් අයුරූ
බලා හිඳී සෙවනැල්ලේ මව් කුසයේ බිලිඳා
දෙගුරුන් සිහි දේවී සාමය රැකදේවී
නිවී හිඳී සැනසිල්ලේ මව් කුසයේ බිලිඳා
නෑසියො ගෙට ඒවී රස මසවුළු දේවී
ඇසුරෙහිදී සිත ලොල්වේ මවු කුසයේ බිලිඳා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ