උඩ මලුවේ මගෙ ස්වාමිනේ
Uda Maluwe
උඩ මලුවේ මගෙ ස්වාමිනේ අවසර කරුණා කරන්ඩ
හතර පේරුවේ අපටම මේ දොරඟුළු ඇයි කියන්ඩ
හේන් කුඹුරු පාළු වුණා වැහි කඳුලක් නෑ දකින්ඩ
දරු පැටවුන් ගොදුරු වුණා මැලේරියා මදුරුවන්ට
එහෙව් දුකින් සරි කරගත්
කිරි ආහර ටික පුදන්ඩ
උඩ මලුවේ මගෙ සාමිනි
රන් වැට දොරඟුළු අරින්ඩ
ඉරි තැලිච්ච වැව උතුරා සුදු නෙළුමක් මෝදු වෙන්ඩ
හැමදාමත් ගිනි උහුලන අපට පිරිත් පැන් ඉහින්ඩ
වැලි මලුවේ පෙරලි පෙරලි
ඔය හෙවනේ නිවන් යන්ඩ
උඩ මලුවේ මගෙ සාමිනි
රන් වැට දොරඟුළු අරින්ඩ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ