තුරුලක හුරතල් ඉන්නේ

Thurulaka Hurathal
තුරුලක හුරතල් ඉන්නේ කරදර පියමං වෙන්නේ
මොහොතක සුවය එවෙයි ගත සිත සතුට හොයයි
අද මෙතැනයි හෙට කොතැනද අපි ඉන්නේ
අද තනිකඩ යහනේ රැය එළිවෙන්නේ
හෙට සියුමැලි දෑතකි උණුසුම දෙන්නේ
හිත ඇහැරෙයි ඇහැ පියවෙයි ලොව හැංගෙයි
බර බිම තියමින්නේ හුස්මක් ගන්නේ
තොල අග මී වඩියේ හිත නිදිගන්නේ
එක හීනේ රැය එළිවෙයි ලොව ලංවෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ