තුරු තුරු තුරු
Thuru Thuru Thuru
තුරු තුරු තුරු තුරු තුරු තුරු
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා
මුට්ටිය හිර වෙලා මිතුරු
කොක්කු නටති රෑ වෙනතුරු
කිරි මුට්ටිය ගඟේ යන්න
තව පිනුමක් ගැහුවා
ගඟ දිය බොර වුනා මිතුරු
කිඹුල් හිනා දැක පිවිතුරු
ඕලු කැකුලකට පනින්න
උඩ කරණම් ගැහුවා
ඕලු කැලේ හිටපු බමලු
නහය විදපි ඉදිමෙනතුරු
මගේ මිතුරු මේවනතුරු
නැත තවමත් දුටුවේ
තුරු තුරු තුරු තුරු තුරු තුරු
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා
තුරු තුරු තුරු තුරු තුරු තුරු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොඩ්නි වර්ණකුල