සුන්දර වත නුඹ
Sundara Watha Numba
සුන්දර වත නුඹ සුන්දර තඹරු මල
පින්බර වේය සඳු පෑයූ සේ මෙපුර
රන්කුඹු සේ මැයි දිලෙනා තිසර යුග
රියසක සේ මැයි වැනෙනා පුළුලුකුල
දිමුතු දසන් පෙල පිපිලා මුව කමල
සුමුදු සිනිඳු ඡවි කල්‍යාණිය රනින
සිනිඳු වරල බැඳ සැලෙනා සේ සෙමර
නර්තන සොබනා පිරිවර මැද රඟන
නන්දන රුවිනා රාජිණියනි මෙපුර
කෝමළ ගතිනා යනවිට ඇත් ගමන
පෙම්බර වෙමිනා තෙපලන විට තෙපුල
කොයි වෙන අඟනා සරිවෙන මගෙ රැජිණ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොඩ්නි වර්ණකුල