යස ඉසුරු

Yasa Isuru
යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙජ වීර රජුන් දැක
ඇස් ඉදිරියෙ උඹ ලඟ
අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම
නිදි මර මර මුර කොට
බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට
රජ වරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක
තව කාසි දියන් මට
තව තෑගි දියන් මට
හොද තෑගි දියන් මට
ගායනය : රොඩ්නි වර්ණකුල
තනුව : ඔස්ටින් මුණසිංහ
ගී පද : ලූෂන් බලත්සිංහල
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders