තාත්තා
Thaaththaa
දිවියම වාගේ දියකර ප්‍රාණේ
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි
මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ
දෙවියොත් මගෙ ආදර තාත්තයි
පපු ගැබිනා දරු පෙමිනා
උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා
මගෙ බුදු තාත්තා
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන් දී ඔබේ
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන් ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ පිං වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ
සිතු සේ නොබී සිතු සේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ පිං වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චාමර වීරසිංහ