මා ආදර අම්මා

Maa Adara Ammaa
නපුරු වෙන්න එපා කියල
නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියල
දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා
ඇගෙ ආදර ලේ කිරි
මම රස කර කර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය
ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා
කඳුලු බිංදු හංගා
මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා
ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා
අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන
මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා
යන එන තැන විමසා
මා පසුපස උන්නා
හිත රිදුණම හිස අතගා
දුක් ගින්දර නිව්වා
නිවැරදි මග පෙන්වා
ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න
සසරම මදි අම්මා
මා ආදර මගෙ අම්මා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චාමර වීරසිංහ
All songs by චාමර වීරසිංහ