සිතින් විතරක්
Sithin Witharak
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මට ද ඔබ හිමි නෑ
නිසල නෙතින් ඔබ මදෙස බලා ඉදී
දෙතොල් ඔබගේ මද හසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහ මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මට ද ඔබ හිමි නෑ
සසල වුනත් මගෙ සිතිවිලි ඔබ ලඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවක් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මට ද ඔබ හිමි නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චාමර වීරසිංහ