සුපහස් අසුනක සිටියද

Supahas Asunaka
සුපහස් අසුනක සිටියද අද මා
සිහිලස විඳිමින් විදුලිය පංකාවේ
සිහියට එනවා පාඩම් කල හැටි
අබලන් පුටුවක ඉඳගෙන රෑ යාමේ
කහට කෝප්පෙන් කුස පුරවාගෙන
සරඹ කරද්දී දවසක් දා
ඇදගෙන වැටුනම නැගුණු සිනා හඞ
දුගී බවට කෙරුවද නින්දා
ඉරුණු කලිසමේ අණ්ඩ දමාගෙන
මං පාසැල් ගිය පෙර දවසේ
සරදම් විලසින් හිනැහුණු මිතුරන්
කිම මා අභියස අද දවසේ
පිහිටක් ලැබගනු පිණිස පතාගෙන
මගේ කුටිය වෙත අද දින ආ මිතුරේ
දුටුවෙද සරදම් සිනා පොදක් හෝ
රැඳී තිබෙනු මගෙ තොල් අතරේ සැඟවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ