සුනිල්වන් නුවන් යුග
Sunilwan Nuwan Yuga
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සෝමතිලක ජයමහ