බුදු පියාණෙනි

Budu Piyanane
බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා
පියෙන් පියට මිහිකත සනහා
බැලූ බැලූ නෙත් සිත් බඳවා
දහම් අමාවෙන් තිලොව තෙමූ
බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා
සසර සයුරකට නෞකාවයි
නිමල අමිල නෙත් සිළිලාරයි
ලොවේ අනගි ගුණදම් මුහුදයි
බුදු පියා මගේ
භවේ අඳුර නැසු මිණි පහනයි
හිමියෙනි ඔබෙ මොක් මග හමුවේ
හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ
තිලෝ තිලක සම්බුදු සමිඳේ
මම දිවා රැයේ
ගිලී නහමි මියකැන් දහරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සෝමතිලක ජයමහ
All songs by සෝමතිලක ජයමහ