සැඳෑ අඳුර ලොව

Sanda Andura Lowa
සැඳෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිබඳේ මුළු ලොව වෙත
එතෙර වන්න නිබඳේ
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට
අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
ජීවින මල් ගොමුවේ ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සෝමතිලක ජයමහ
All songs by සෝමතිලක ජයමහ