නුග සෙවනක් සේ
Nuga Sewanak Se
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සෝමතිලක ජයමහ