සුදු මල් පොකුරක්
Sudu Mal Pokurak
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරනෙමි මගෙ පියාණනි
බාල වියේ ඔබ තුරුලේ
නැලවී සෙනෙහස් ඔරුවේ
සිතුවිලි අතරේ මා තනි කෙරුවේ
නැවත නොයෙන්නට ගිය ගමනේ
කැඩපත හමුවේ හිදිමී
නිරතුරු ඔබෙ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රින්ස් උදය ප්‍රියන්ත