සොමියට වරෙන් පුතා

Somiyata Waren Puthaa
සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගේ කාමරේ
මේක ගුණෙ අයියගේ බජව් දාන කාමරේ
පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා
ගුස්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිලා යන්නේ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ලා නිළිමන්ලා කැමරා කටාලා
අලිවංශෙන් වැඩ පෙන්නන සුපර් මෑන්ස්ලා
බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
ටූ තවුසන් ත්‍රී තවුසන්ඩ් යයි විසි කරලා
මේක ගුණෙ අයියගේ බජව් දාන කාමරේ
ටිංකිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත කුරුසවලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිහාල් නෙල්සන්
All songs by නිහාල් නෙල්සන්