කොත්තු රොටිය

Koththu Rotiya
ගෑස් ලිපේ යකඩ තැටිය රත්වුනා
බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට්වුනා
ළූණු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලි
ටකඩ ටකඩ රිදම් එකට ගානට වැටුනා
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
අත්තා මුත්තා කාලේ ඉඳලා
තිබුනේ පොල් රොටියයි යාලු
අපි පුංචි කාලේ රස කර කර
කෑවේ පැණි රොටියයි යාලු
ඇදේට මේ වෙනස් වෙලා
ආවේ ගෝදම්බ රොටියලු
ඒත් ඔක්කොම රොටි හබක් වෙලා
රජ කරන්නේ කොත්තු රොටියලු
සද්දේ දාල ගොඩක් දෙනවා
ඒ හින්දම කනනෝ වැඩිලු
දාපු ගමන් බඩ පිරුණත්
දිරව ගන්න ලේසිත් නෑලු
ඔය අනන් මනං දාල ගහන
කොයි කාගෙත් තැටි වල යාලු
අද හඬ විතරයි හරයක් නෑ
අනේ කොත්තු රොටිය වගේලු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිහාල් නෙල්සන්
All songs by නිහාල් නෙල්සන්