කරුණා සුවඳ තවරාලූ
Karunaa Suwanda
කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
කාටද මම අම්මේ
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිහාල් නෙල්සන්