කවුන්ට් ඩ්‍රැකියුලා
Kawunt Drakiyulaa
සඳ පායන රෑ කාලේ
කළු ලෝගුව පොරවාලා
උල් දත් දෙක දිගු කරගෙන
ලේ වල ඉව බල බලා
මම එනවා අඳුර මැදින්
මොර දෙනවා ගිරිය යටින්
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
අන්ධකාරයේ හිනාව
දෝංකාරයේ ගෙනාව
මළවුන්ගේ රාජධානියේ
වැන් හෙල්සිංගේ වෙලාව
මගේ ලොවේ අවේලාව
වවුල් වෙසින් මං වැජඹෙන්නේ
සමාදානයේ සැතපෙන
මිනී වලේදී හිනැහෙන
අයගෙ රජා මමයි යාළුවේ
වොර්ක රෑනගේ සහාය
මගේ තනිය නැති කළේය
රුහිරු බොමින් මං සැනසෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිහාල් නෙල්සන්